• බලතල පවරා ඇති තනතුරු සඳහා බදවා ගැනීම් සිදු කිරීම.
  • බදවා ගැනීම් විභාග සහ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම.
  • සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීමේ පරිපාටි ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතියට යොමු කිරීම.
  • සේවය ස්ථිර කිරීම.
  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව හෝ ස්ථීරවම හෝ මුදා හැරීම.
  • ශ්‍රේණිගත උසස්වීම් ලබාදීම.
  • සේවා ව්‍යවස්ථාවන්ට අන්තර්ග්‍රහණය කිරීම.
  • අන්තර් පළාත් සහ මධ්‍යම රජය වෙත ස්ථාන මාරු සිදු කිරීම.
  • ස්ථාන මාරු පදනම මත බස්නාහිර පළාතට පැමිණෙන නිලධරයන් බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම හා පත්වීම් ලිපි නිකුත් කිරීම.
  • බස්නාහිර පළාතේ වන්දි මණ්ඩලය මඟින් සිදු කරන වන්දි කටයුතු.
  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පත්වීම් අවසන් කිරීම හා පළාත් සභා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීම් සම්බන්ධව කටයුතු කිරීම.
  • කාර්යක්ෂමතා කඩඉම් සම්බන්ධව සහන කාල ලබා දීම හා නිදහස් කිරීමේ කටයුතු කිරීම
  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන අභියාචනා සමිබන්ධයෙන් කටයුතු කිරීම.

(විනය, ශ්‍රේණි උසස්වීම්, ස්ථාන මාරු)

  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැන්වීම.