කුසලතා පදනම මත බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන තරඟ විභාගය – 2019 (2020) – පෞද්ගලික ලිපිගොනු යැවීම.

 

2021.11.28 දින පවත්වන ලද උක්ත සඳහන් විභාගයේ ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 40%ට නොඅඩුව ලබා විභාගය සමත්වූ අයදුම්කරුවන් එකසිය පනස් දෙකගේ  (152) පෞද්ගලික ලිපිගොනු ජ්‍යෙෂ්ඨත්වය සහ පළපුරුද්ද සඳහා ලකුණු ලබාදීම සඳහා බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අංක WPC/PSC/REC05/04/01 හා 2022.03.29 දිනැති ලිපියෙන් කොමිෂන් සභාව වෙත ගෙන්වා ගන්නා ලදි. මේවන විට පෞද්ගලික ලිපිගොනු පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් බැවින් එම පෞද්ගලික ලිපිගොනු රැගෙනයාම සඳහා ඔබ කාර්යාලයේ නිලධරයකු බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත එවීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

එසේම පෞද්ගලික ලිපිගොනු රැගෙන යාම සඳහා පැමිණෙන නිලධරයාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හා ආදර්ශ අත්සන සහතික කර මෙම කාර්යාලය වෙත ලිපියක් ලැබීමට සලස්වන මෙන්ද වැඩිදුරටත් දන්වා සිටිමි.

තිලක් සෙනරත්
ලේකම්,
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
බස්නාහිර පළාත.