බස්නාහිර පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2023 ඔක්තෝබර් මස 07 වන දින පැවැත්වීමට අපේක්ෂිත ය. අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් මඟින් එවනු නොලබන අතර මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන http://psc.wp.gov.lk/ මඟින් පමණක් බාගත (Download) කර ගත හැකි ය. මේ පිළිබඳ ව අයදුම්කරුවන් වෙත ඉදිරියේ දී කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දෙනු ලැබේ.