බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, ආහාර හා ඖෂධ පරික්ෂක තනතුරු සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියට අන්තර්ග්‍රහණය කිරීම.

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවා ගණයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආහාර හා ඖෂධ පරික්ෂක තනතුරු සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය ගරු ආණ්ඩුකාරතුමා විසින් 2020.12.17 දින අනුමත කරන ලදී. ඒ අනුව එම තනතුරු වලට අයත් සියළුම නිලධරයන් ඒ ඒ පන්තියට / ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කිරීම සඳහා අයදුම්පත්‍රය හා  පරිපාටියට අන්තර්ග්‍රහණය  කල යුතු නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් ලේඛනය සකස් කර එවීම සඳහා ආකෘතිය පහත පරිදි වේ.